CPL නිමවේ..,සංගාට පිතිකරුවන් අතර දෙවන තැන..

0
149

කැරිබියන් ප්‍රිමියර් ලීග ශුරතාව දිනා ගැනීමට Trinbago Knight Riders කණ්ඩායම අද සමත් වුනේ ක්‍රිස් ගේල් ,මොහොමඩ් හෆීස් ,මොහොමඩ් නබී වැනි ප්‍රබල ක්‍රීඩකයන් නියෝජනය කරන  St Kitts & Nevis Patriots කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමිනි.මේ නයිට් රයිඩර් කණ්ඩායම මෙම ශුරතාව දිනාගත් දෙවන අවස්තාව ලෙසද ඉතිහාසයට එකතු විය.

බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවති තරඟය පිතිකරුවන්ට වඩා කණ්ඩායම් දෙකේම පන්දු යවන්නන්ගේ පාලනයට නතුවූ තරඟයක් බවට පත්වූ අතර,පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත කිට්ස් කන්ඩායම තම පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 136  ක් පමණක් වන අතර වැඩිම ලකුණු ලාබියා බවට පත්වූ කාලෝස් බාර්ත්වයිට් ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වූ අතර සෙසු පිතිකරුවන්ගෙන් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුනේ ජොනතන් කාටර් පමණි.පන්දු යැවීමේදී ජෙවොන් සීලර් සහ කෙවින් කුපර් කඩුලු 2 බැගින් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නයිට් රයිඩර් කණ්ඩායමට ද තරඟය ජයගැනීමට ශාන්ත කිට්ස් පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වුවද කොලින් මුන්රෝ ,දිනේෂ් රාම්දීන් සහ කෙවින් කුපර්ගේ දක්ෂතා හමුවේ තරඟය කඩුලු 3කින් ජය ගැනීමට නයිට් රයිඩර් ක්‍රීඩකයන් සමත් විය.පන්දු යැවීමේදී කොට්‍රෙල්,හෆීස් සහ ශාමි කඩුලු 2 බැගින් බිඳ දැමීමට සමත් විය.

අවසන් තරඟයේ වීරයා බවට පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දැක්වූ කෙවොන් කුපර් සමත් විය.

මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාබීන් අතර දෙවන තැන ගැනීමට ජැමෙයිකා තල්වාස් කණ්ඩායම නියෝජනය කල කුමාර සංගක්කාර සමත් වුනේ තරඟ 11 කදී ලකුණු 379 ක් ලබා ගනිමිනි.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියා බවට පත්වුණේ ගයනා කණ්ඩායම නියෝජනය කල වෝල්ටන්ය.ඔහු තරඟ 12 කදී ලකුණු 458 ක් ලබා ගැනීමට සමත් විය.

කඩුලු ලාබීන් අතර පළමු තැනට පත්වුණේ ගයනා කණ්ඩායමේ සොහෙල් තන්වීර් වන අතර ඔහු තරඟ 12 කදී කඩුලු 17 ක් දවාගත් අතර දෙවන තැනට පත්වූ Dj බ්‍රාවෝ කඩුලු 16ක් දවා ගැනීමට සමත් විය.

තරඟයේ ලකුණු පුවරුව.

ST KITTS AND NEVIS PATRIOTS 135/6(20 OVERS)

TRINBAGO KNIGHT RIDERS 136/7(19 OVERS)