40 වසරකට පසු වෙනසක් සමඟ පැමිණි ඕස්ට්‍රේලියාවේ, ලයන්ගෙන් ලෝක වාර්ථාවක්….

0
2176

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට ඔස්ට්‍රේලියාව පිවිසියේ වව්ලගේ ගෙදර ගියාම ලැබෙන ආගන්තුක සත්කාරය එල්ලී සිටීම වගේ ආසියා උප මහද්වීපයට පැමිණි ක්‍රිකට් කණ්ඩායමකට ලැබෙන හොඳම ආගන්තුක සත්කාරය වන දඟ පන්දු යවන්නන්ගේ තණතිලි සඳහා උචිත වූ කණ්ඩායමක්ද සහිතවය.

පසුගිය තරඟයට ක්‍රීඩා කල ජෝෂ් හෙල්සවුඩ් වෙනුවට තවත් දඟ පන්දු යවන්නෙකු වන ස්ටීවන් ඕකයිෆ් ඕස්ට්‍රේලියා කණ්ඩායමට කැඳවා ඇති අතර ඒ අනුව ඔස්ට්‍රේලියාව දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ එක වේගපන්දු යවන්නකු කණ්ඩායම සඳහා නම් කර ඇත.

මෙලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමක් එක වේගපන්දු යවන්නෙකු සහිතව ටෙස්ට් ක්‍රිකට් තරඟයකට පිවිසියේ වසර 39 කට පමණ පසුව වීමට වැදගත් කරුණකි.1978 දී කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමක් එක වේගපන්දු යවන්නෙකු සමඟ ටෙස්ට් තරඟයකට පිවිස ඇති අතර එම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත.

ඊයේ තරඟයේදී තවත් ලෝක වාර්තාවක් බිහිකිරීමට ඕස්ට්‍රේලියා පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් සමත් වුනේ බංගලාදේශ කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවන් හතර දෙනාම එකම ආකාරයකට එනම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගෙන දවා ගනිමිනි.

මෙලෙස පළමු පිතිකරුවන් තිදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් අවස්ථා 17ක දී පන්දු යවන්නන් විසින් දවාගෙන ඇති අතර අවසන් වරට හර්බජාන් සින් විසින් 2011 දී දකුණු අප්‍රිකා පළමු පිතිකරුවන් තිදෙනා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගෙන තිබේ.

බංග්ලාදේශයේ චිතගෝංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන  ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය.

පළමු  දිනය සඳහා  තරගය නතර කරන විට නායක මුෂ්ෆිකුර් රහීම් නොදැවී 62 ක්ද, නසිර් හුසේන් නොදැවී ලකුණු 19 ක්ද ලබා සිටියහ. අද දිනයේදී සිට ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය ලබාගත් රහීම්, එය හතරේ පහර 5 කින් අලංකාර කළේය.

ලකුණු 117 ක් වන විට කඩුලු 5 ක් බිඳ වැටී අසරණ තත්ත්වයකට පත්ව තිබූ බංග්ලාදේශ කණ්ඩායම ඉන් ගොඩගත් රහීම් 6 වැනි කඩුල්ල වෙනුවෙන් සබීර් රෙහෙමාන් (66) සමග එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. සබීර්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීමට නේදන් ලයන් සමත් වූ අතර එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත් 11 වැනි අවස්ථාව ලෙස සටහන් විය.
බංග්ලාදේශ පළමු ඉනිම –  කඩුලු 6 ක් දැවී 253
සෞම්‍ය සාකර් 33, මොමිනුල් හක් 31, සකීබ් අල් හසන් 24, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 62, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 19, නේතන් ලයන් 77/5)

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.