සනත්ලා කල මේ බරපතල වරද, අළුතෙන් එන අය කරන්න එපා…

0
664

සනත්ල ගියේ නොයා බැරි තැනටම වැඩේ හැදුනට පස්සේ.සනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියටත් නායකයෙක් විදියටත් ශ්‍රී ලංකාවට කල ලොකු සේවයත් අමතක කරලා සනත්ට බනින තරමට ලංකාවේ ක්‍රිකට් ලෝලීනට ක්‍රිකට් එපා වෙන තැනට වැඩ කරපු එක වගකිව යුත්තෙක් විදියට තමයි සනත් හදුන්වන්න පුළුවන්.

සනත්ගේ තේරීම් කමිටුව අන්තිම කාලේ කණ්ඩායමට ක්‍රීඩකයන් දැම්මේ සමහර දේශපාලකයෝ ආධාර කාරයෝ රැකියා වලට දානවා වගේ .සීමාවක් පදනමක් නැතුව ඔහේ දාගෙන ගියා.ඒකෙන් අන්තිමට කණ්ඩායමේ තිබුන ස්ථාවර බව කොයි තරම් නැතිවුනාද කියනවනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් ක්‍රීඩකයන් පස් දෙනෙක් අනුමාන කරන්න බැරි වෙන තරමට කණ්ඩායම අස්ථාවර වුනා.

දැන් සනත්ලා ගියා හැබැයි සනත් යද්දී කිව්වේ අපි යන්නේ හිස කෙලින් තියාගෙන කියල ,හැබැයි ප්‍රශ්නේ තමයි දැන් කාලෙක ඉඳල සනත් තෝරපු කණ්ඩායම නම් ඉන්නේ හැම කණ්ඩායමක් ඉදිරියේම හිස පහත් කරගෙන,

ඒ වගේම පහුගිය කාලේ සනත්ලා කණ්ඩායමට අරගත්ත ක්‍රීඩකයෝ හේතුවක් නැතුව අවශ්‍ය තරම් අවස්ථාවක් නොදී කපපු අවස්ථා ඕන තරම් තිබුන,පහල තියන link 1කට ගිහින් බලන්න අපි මේ කියන කතාව ඇත්තක්ද කියල,

අපේ අපේක්ෂාව  තමයි ඉදිරියේ පත්වෙන තේරීම් කමිටුව වත් මේ කියන බරපතල වරද තේරුම් අරගෙන ඒ වරද නොකර ඉදී කියන එක.

පුවත බැලීමටCLICK HERE

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.