ෂකීබ් මුරලිගේ ලෝක වාර්තාවක් සම කරයි…

0
2872

ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු ඉනිම බිඳ දැමීමට සුපිරි පන්දු යැවීමක නිරත වූ බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඕස්ට්‍රේලියා කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඒම කඩුලු 5 දවාගැනීම සමඟ ශකීබ්ට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්,දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් සහ රංගන හේරත් පමණක් පසුකර ගිය සුපිරි කඩයිමක් පසුකර යාමට හැකි විය.

මේ දක්වා ටෙස්ට් වරම් දිනා ඇති සියලුම කණ්ඩායම් වලට එරෙහිව ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කර තිබු පන්දු යවන්නන් ලෙස මේ දක්වා වාර්තා පොතේ නම සටහන් කර ගෙන තිබුනේ මුරලි, ස්ටෙයින් සහ රංගන පමණි,ශකීබ්ගේ කඩුලු 5 සමඟින් ඔහුද මේ විශිෂ්ටයන් අතරට එකතුවීමට සමත් විය.

මෙම වාර්තාවට වැඩිම හිමිකමක් කියන ශ්‍රී ලංකාව බිහිකළ ලෝකයේ හොඳම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ  ටෙස්ට් තරඟ වල වැඩිම කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් මෙම වාර්තාවට හිමිකම් කියන්නේ මෙම දක්ෂතාවය කල පන්දු යවන්නන් දෙදෙනෙකු බිහිකළ එකම රට ලෙස ගෞරවයද ශ්‍රී ලංකාවට ලබා දෙමිනි.

ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට තෙවන දිනට ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමක් බංගලාදේශය ඉදිරියේ පරාජයට පත්වන පලවෙනි තරඟය බවට මෙම තරඟය පත්විය හැකි ආකාරයක් මේ වන විට තරඟය ක්‍රියාත්මක වන ආකාරය දෙස අවධානය යොමු කල විට දැක ගත හැක.

තරඟාවලියේ සියළු තොරතුරු දැනුවත් වීමට ඉහල ඇති like button 1ක click කර අප සමඟ එකතු වන්න.

තරඟයේ මේ වනවිට තත්වය,

Bangladesh 1st Inn260 all out

Australia 1st Inn217 all out

Bangladesh 2nd Inn6/186

Bangladesh won the toss and elected to bat.Bangladesh lead Australia by 229 runs with 4 wickets remaining

Bangladesh: 

Mushfiqur Rahim (c), Tamim Iqbal, Soumya Sarkar, Imrul Kayes, Shakib Al Hasan, Mehidy Hasan Miraz, Nasir Hossain, Shafiul Islam, Mustafizur Rahman, Taijul Islam, Mominul Haque.

Australia XI:

 Steve Smith (c), David Warner, Matthew Renshaw, Usman Khawaja, Peter Handscomb, Glenn Maxwell, M