ශ්‍රී ලංකා ඉන්දියා අවසන් එක්දින තරඟය සමඟ අළුත්වූ වාර්ථා 8ක් මෙන්න..

0
717

ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට 5-0 විදියට දරුණු පරාජයක් උරුම කරලා දීල,ඉන්දීය පිතිකරුවන්ගේ වගේම පන්දු යවන්නන්ගේත් දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසරණ වුනා වගේම ඒ දක්ෂතා ක්‍රිකට් වාර්තා පොතත් අළුත් කරන්න හේතු වුනා.අපි මේ බලන්න යන්නේ එක්දින තරඟාවලිය අවසානය එක්ක අලුත් වුන වාර්තා මොනවද කියල,

1….ඉන්දීය කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමක් තරඟ පහකින් යුතු තරඟාවලිය ක සම්පුර්ණ පරාජයන් අත්කර දුන්න 5 වෙනි අවස්ථාව තමයි මේ.මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම එකවතාවක් එංගලන්තය අවස්ථා දෙකක් නවසීලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් එක වතාව බැගින් තරඟ 5ක තරඟාවලි වල 5-0 පරාජය කරලා තිබුන.

2…..ශ්‍රී ලංකා කණ්ඩායමක් තරඟ 5ක ට වඩා වැඩි තරඟ සහිත එක්දින තරඟාවලියක් සියලුම තරඟ පරාජය වුන තුන්වෙනි අවසථාව විදියටත් ශ්‍රී ලංකාවේදී 5-0 විදියට පරාද වුන පලවෙනි අවසථාව විදියටත් මේ අවසතාව වාර්තා පොතට එකතු වුනා.ඒ වගේම මේ විදියට සම්පුර්ණ තරඟාවලි පරාජයන් ලබපු අවසථා තුනෙන් දෙකක්ම මේ අව්රුද්දෙ තමයි වෙලා තියෙන්නේ.

3…..එක්දින ඉතිහාසයේ ස්ටම්ප් කිරීම් 100 ක් ලබාගත්ත  පලවෙනි කඩුලු රකින්නා බවට පත්වෙන්නත් MS දෝණි සමත් වුනා.මේ වාර්තාවේ දෙවැනි තැන ඉන්නේ අපේ සංග ස්ටම්ප් කිරීම් 99 කට දායක වෙලා.

4…..ලංකාව එක්ක තිබුන අන්තිම තරඟයේදී කෝලි ගත්ත ශතකය වාර්තා පොතට එකතු වුනේ කෝලිගේ 30 වෙනි එක්දින ශතකය විදියට ඒ අනුව වැඩිම ශතක ලාබීන් අතර දෙවැනි තැන ඉන්න රිකී පොන්ටින් සම කරන්නත් කෝලි සමත් වුනා.කෝලි තමයි එක්දින ශතක 30 වේගයෙන්ම ලබාගත්ත පිතිකරුවා,මීට කලින් මේ කඩයිම පහු කරපු සචින් ටෙන්ඩුල්කාර ශතක 30 ලබාගන්න ඉනිම 267 කුත් රිකී පොන්ටින්ට ඉනිම 349 කුත් වැය වෙලා තිබුනත් කෝලිට මේ කඩයිම පහුකරන්න ඕන වුනේ ඉනිම 186ක් විතරයි.

5…..ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ මොනතරම් දුර්වලද කියල පෙන්වන වාර්තාවක් තමයි තරඟාවලියෙ ලංකාව පස්වෙනි විකට් එකෙන් පස්සේ කඩුලු අතර සම්බන්දතා වල සාමාන්‍ය විදියට පෙන්වන්නේ ලකුණු 16.96 .ඉන්දියාවේ පස්වෙනි කඩුල්ලෙන් පස්සේ ලකුණු සම්බන්දතාවයන්ගේ සාමාන්‍යය 96.25 ක් ,ඒ වගේම කඩුලු 5ක ට පස්සේ ලංකාවේ පිතිකරුවෝ ඇතිකරගත්ත සම්බන්දතා 29 න් දෙකකදී විතරයි ශ්‍රීලංකා පිතිකරුවෝ ලකුණු 50 පහුකරන්නත් සමත් වෙලා තියෙන්නේ.

6…..වසරක් තුල ලකුණු 1000 කට වඩා වැඩි ලකුණු ගත්ත පිතිකරුවෙක් පවත්වාගෙන යන ඉහලම ලකුණු සාමාන්‍යය තමයි කෝලි පවත්වාගෙන යන්නේ,ඒ 92.45 ක්.

7….කෝලි මේ අව්රුද්දෙ ලකුණු 1000 සම්පුර්ණ කිරීමත් එක්ක ඔහු වසරකදී ලකුණු 1000 කට වඩා ලබාගත්ත 5 වෙනි අවසථාව විදියට වාර්තා පොතට එකතු වුනා.කෝලිට ඉදිරියෙන් මේ වාර්තාවේ ඉන්නේ වසර 7 ක ලකුණු 1000 සම්පුර්ණ කල සච්නුත් අවස්ථා 6කදි ලකුණු 1000 සම්පුර්ණ කල පොන්ටින් සහ සංගා විතරයි.

8….කණ්ඩායම දෙකක් අතර තිබුන එක්දින තරඟාවලියක වේගපන්දු යවන්නෙකු ලබාගත්ත වැඩිම කඩුලු ප්‍රමාණය දවාගන්නත් ජෂ්ප්‍රීට් බුම්රා සමත් වුනා,බුම්රා මේ තරඟාවලිය තුල කඩුලු 15 ක් බිද ගන්න සමත්වුනා.බුම්රට ඉදිරියෙන් ඉන්න අමිත් මිශ්රා කඩුලු 18 කුත් රෂීඩ් ඛාන් කඩුලු 16 කුත් දවාගෙන තියෙන්නේ දඟ පන්දු යවන්නෝ විදියට.

මේ විදියේ වාර්තා බිහිවුන තරඟාවලියක කවදත් වාර්තා තියන්න හපන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් කියවෙනවා අඩු වුනාම නම් ප්‍රේක්ෂකයෝ විදියට දුකක් දැනෙන එක වලක්වන්න බෑ.

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.