ලයන් වසර 130 පැරණි වාර්තාවක් බිඳදමයි,රංගනගේ ලෝක වාර්තාව බේරෙයි.

0
227

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයගනිමින් තරඟාවලිය සම කර ගැනීමට අද ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර,බංගලාදේශ දෙවන ඉනිමේ කඩුලු 7 කටම හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියා පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන්ය.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය සියලුදෙනා දැවී ලකුණු 305 ක් ලබා ගනිද්දී නායක මුෂ්ෆිකර් රහීම් සහ ශබීර් රහමාන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ නේදන් ලයන් කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමේදී ලකුණු බංගලාදේශයට වඩා ලකුණු 72 ක් ඉදිරියෙන් සිටිමින් ලකුණු 377 ක් ලබා ගැනීමට සමත් වුන අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ශතකයක් ලබාගත් අතර නායක ස්මිත් සහ පීටර් හැන්ඩ්ස්කොප් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මුෂ්ෆිකර් රෙහෙමාන් කඩුලු හතරක් සහ මෙහෙදී හසන් මිර්සා කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

බංගලාදේශ දෙවන ඉනිම ලකුණු 157 කට සීමා කිරීමට පෙරමුණ ගත් දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් නැවතත් බංගලි කඩුලු 6ක් තමන් සතු කර ගත්තේ තරඟය පුරාවට කඩුලු 13ක් බිඳ දමා ගනිමිනි.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 86 කඩුලු 3ක් පමණක් දැවී ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනේ තරඟාවලියේ පළමු තරඟයේ සිදු වූ වැරදි අඩුපාඩුද නිවැරදි කර ගනිමිනි.

මෙම තරඟයේ සුපිරි දක්ෂතාවයක් පෙන්වූ නේදන් ලයන් වසර 130 ක් පැරණි ඕස්ට්‍රේලියා වාර්තාවක් බිඳ දැමීමට සමත් වූ අතර රංගන හේරත් පිහිටවා තිබු වාර්තාවක් සම  කිරීමට එක කඩුල්ලක් අඩු විය.

1887 දී අළුබඳුන තරඟාවලියේ JJ Ferrisවිසින් තරඟ දෙකක් තුල ඕස්ට්‍රේලියා පන්දු යවන්නෙකු බිඳ දැමු වැඩිම කඩුලු වාර්තාවට හිමකම් කිව්වේ කඩුලු 18ක් බිඳ දමමිනි.ලයන් මේ තරඟ දෙක තුල දවාගත් කඩුලු ප්‍රමාණය කඩුලු 22 ක් විය.

තරඟ 2 ක් තුල බිඳ දමා ඇති වැඩිම කඩුලු ප්‍රමාණය ලෝක වාර්තාව උසුලන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය.හේරත් 2014 පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලියේදී කඩුලු 23 ක් බිඳ දමා පිහිටවා තිබෙන ලෝක වාර්තාව බිඳ දැමීමට ලයන්ට අද දිනයේ නොහැකි විය.

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1click කරන්න.

තරඟයේ ලකුණු සාරාංශය.

Scores: Bangladesh 305 (M Rahim 68, S Rahman 66; N Lyon 7-94) and 157 (M Rahim 31, M Haque 29; N Lyon 6-60, P Cummins 2-27)

 

Australia 377 (D Warner 123, P Handscomb 82; M Hasan 3-93, M Rahman 4-84) and 3/87 (G Maxwell 25no