මධුසමයේ වැඩ පෙන්වූ අකිල ගැන, බිරිඳ කියන කථාව…

0
971

ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලියේ අපිට සතුටුවෙන්න තියන කාරනා තියෙන්නේ හරිම අඩුවෙන්,තරඟාවලියේදී අපි දැකපු ධන ලකුණක් තමයි දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ ක්‍රිකට් පිටියට නැවත ආගමනය.දඟ පන්දු වලට කවදත් බය නැති ප්‍රබල ඉන්දීය කඩුලු 9ක් තරඟ තුනකදී අරගෙන දක්ෂතා දක්වන අකිල තමන්ගේ හොඳම දක්ෂතාවය දැක්වුවේ අකිලගේ විවාහයෙන් පස්සේ තිබුන පලවෙනි තරඟයේදී,

ඔවුන්ගේ දෙවනි ගමනවත් තාම යන්න ලැබිලා නෑ. මේ තරඟයට හදිසියේ කැඳවපු හින්දා. කොහොම වුනත් අකිලට මේ විදියට විකට් ගන්න වාසනාව හම්බවුනේ ඔහු එක්ක විවාහ වුණු තරුණිය හින්දා කියලා සමහර අය කියලා තිබුණා.

අකිලගේ බිරිඳ නෙතලි එක්ක Citizen .lk පහුගිය දවසක විශේෂ සාකච්චාවක් කරලා තිබුනා ,මේ එතැනදී අකිලගේ බිරිඳ  අපි කරපු පුංචි සංවාදයක්…..Citizen අහපු ප්‍රශ්න වලට කියපු දේවල්,

Citizen :අකිලගෙයි  නෙතලිගෙයි  ආදර කතාව කොහොමද පටන් ගත්තෙ?

නෙතලි:අපි දෙන්නම එකම ඉස්කෝලෙට ගියේ. මම 10 වසරෙ ඉන්නකොට ඒ කියන්නේ  2010 අවුරුද්දේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ. හරියටම දවස කියනවා නම් 2010 මාර්තු 26 .

Citizen :කවුද මුලින්ම ආදරේ ගැන ඇහුවේ?

නෙතලි:අකිල තමයි  මුලින්ම ඇහුවේ .අපේ ක්ලාස් එකේ යාලුවෙක් අතේ  පණිවිඩය එවල තිබුනෙ. මෙයා ඉතිං ඒ දවස් වල අපේ class එක  ගාවට ඇවිත් මාව බලන් ඉන්නවා .පස්සේ මාර්තු 24 ,25 අපේ ඉස්කෝලේ බික් මැච් එක තිබුන. ඒකෙ තරඟයේ වීරයා වුනේ අකිල.  පස්සේ මෙයා මට ඇවිත් එයාගේ  දුරකතන අංකය දුන්නත් මම ගත්තේ නැහැ . පස්සෙ එයා අංකය දාල ගියාම තමයි මං නම්බර් එක අරන් කතා කලේ. එහෙමයි අපි යාලුවනේ.

Citizen :තරගයේ වීරයා වුනාම  තමයි ඔක්කොම වුණේ නේද?

නෙතලි:ඔව් ඔව්

Citizen :එදා  අකිල තරගයේ වීරයා නොවුණා නම් අද ඔබ දෙපළ පෙම්වතුන් නොවෙන්න තිබුනා නේද,

නෙතලි: ඇත්තටම එහෙම දෙයක් නැහැ.මම  ක්‍රිකට් වලට ගොඩක් කැමතියි .එයා ක්‍රිකට් ගහද්දි මං එයාගැන බැලුවට  මම එයාට ඒක පෙන්නන්න ගියේ නැහැ

Citizen :අකිල ආදරෙයි කියලා දැනගත්තම ඔයාට මොකද හිතුනේ?

නෙතලි:ඇත්තටම ඇයි මෙයා මේක මට කෙලින්ම නොකිය හිටිය කියන එක තමයි හිතේ තිබුණේ Citizen :ආදරය කරද්දි ගෙදරින් ප්‍රශ්න එනවානේ ,ඔයාලට එහෙම  ප්‍රශ්ණය ආවේ නැද්ද?

නෙතලි: ඇත්තටම ගොඩක් ප්‍රශ්න ඇති වුණා. මෙයා කණ්ඩායමට එකතු  වෙන්න කලින් ඉස්කෝලෙනුත් ප්‍රශ්න ආවා. සමහර කට්ටියගෙන් බැලපෑම් ආව අපේ සම්බන්දය නතර කරන්න කියලා .අපි නැවැත්තුවෙ නැහැ. ඉතින් කොහොමහරි අපි  ජයගත්තා .

Citizen :කණ්ඩායමට තේරුනාට පස්සේ ඔයා  මුණගැහෙන්න ඇවිත් මොනවද කිව්වේ?

නෙතලි : පොඩි කාලේ ඉඳල එයා සිහින මවපු  දෙයක් තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක.  එයා කොහොම හරි සිහින සැබෑ කර ගත්තා .

Citizen :විවාහ වෙලා ඊළඟ දවසෙම අකිලට නෙතලි දාල කණ්ඩායමට එකතු වෙන්න වුනා .මොකද හිතුනේ ඒ වෙලාවේ ?

නෙතලි:විවාහ වෙලා හවස අපි නුවර යන ගමන් තමයි කෝල් එකක් ආවෙ,ඊළඟ  මැච් එකට සෙල්ලම් කරනවා කියලා. පණිවුඩය ආපු ගමන්  බය හිතුණා මහන්සි වෙලා ඉන්න නිසා හොඳට සෙල්ලම් කරන්න බැරි වෙයි කියල. කොහොම හරි එයා ගිහින් කඩුලු 6ක් ගත්තා.

Citizen:කිලගේ  ආදරේ ගැන ටිකක් කියන්නකො.

නෙතලි: අකිල ඇත්තටම සංවේදී චරිතයක්, හැබැයි ටිකක් තරහ යනවා ඒත් මම  දුකින් හිටියොත් එයා කොහොම හරි ළඟට ඇවිත් මාව සනසනවා .

Citizen :දැන් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන චෝදනාවක් තමයි, ක්‍රීඩකයෝ මහන්සි වෙලා  පුහුණු වෙන්නේ  නැහැ කියලා, කොහොමද අකිල ?

නෙතලි:අකිල මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. ලොකු කැපකිරීමක් ක්‍රිකට් වෙනුවෙන් කරනවා. අකිල වගේම අනෙකුත් ක්‍රීඩකයනුත්  එහෙමයි. ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක් ඉතින් දිනුම පැරදුම ස්වභාවය එහෙම තමයි.

 Citizen :නෙතලි පාසල් යන කාලේ මොනවද ක ක්‍රීඩා .

නෙතලි:ක්‍රිකට් සෙල්ලම් කළා. ඒ වගේම වොලිබෝල් සෙල්ලම් කළා .

Citizen :හිතුවේ නැද්ද ශ්‍රී ලංකා කාන්තා පිලට සෙල්ලම් කරන්න ?

ඇත්තටම හිතුනා. අකිල ඇහුවා ක්‍රිකට් තෝරගන්නවද මාව තෝරගන්නවද කියලා. ඉතිං මං ඒක නවත්තලා එයාව තෝරා ගත්තා.

Citizen :නෙතලි අකිලගෙන් ගැහුවේ නැද්ද ක්‍රිකට් තෝරගන්නවද මාව තෝරගන්නවද  කියලා.

නෙතලි: ඇත්තටම නැහැ මං ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ඉතින් මං ආස වුනා එයා ක්‍රිකට් වලින් ඉදිරියටම යනවට.

මේ දක්ෂ තරුණයා තමන්ගේ මධුසමයේදී පෙන්වපු දක්ෂතා ඉදිරියටත් පෙන්වන්න හැකි වෙන්න කියන එක තමයි අපේ පැතුම.

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.