“පව්ලේ අය අකමැත්තෙන් හිටියත් පකිස්ථානයට යන්නේ සතුටෙන්..”-තිසර පෙරේරා

0
159

ක්‍රිකට් ලෝකයේ හුදකලා වී සිටින පකිස්ථානයේ නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිත ලෝක කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් අවස්ථාවක් ලැබුන එකම ක්‍රීඩකයා තිසර පෙරේරාය.

මෙම අවස්ථාව තිසරට ලැබුන හොඳ අවස්ථාවක් මෙන්ම තරමක අවධානම් අවස්ථාවක්ද වන්නේ ත්‍රස්තවාදීන් සහ කඩාකප්පල්කාරී පිරිස් නැවත පකිස්ථානයේ ක්‍රිකට් වසන්තයක් උදා වනවාට අකමැත්තෙන් සිටිය හැකි නිසා මෙම තරඟාවලිය කඩාකප්පල් කිරීමට යම් ක්‍රියාවන් කිරීමේ හැකියාවක්ද ඇති නිසාය.කෙසේ නමුත් සියලු දෙනාගේ පැතුම එවැනි කිසිදු බාධාවක් නොවී තරඟාවලිය සාර්ථකව පවත්වා පකිස්ථානයට නැවත ජාත්‍යන්තර කණ්ඩායම් පැමිණීමේ පසුබිම සකස් කිරීමට හැකි වේවා යන්නය.

පකිස්ථාන සංචාරය සම්බන්දයෙන් අදහස් දක්වා ඇති තිසර පවසා ඇත්තේ පවුලේ අය බයෙන් සිටියද ඉතා කැමැත්තෙන් තමා මෙම තරඟාවලියට සහභාගී වන  බවයි.

down.com සමඟ පැවති සංවාදයකදී අදහස් දක්වමින් තිසර පවසා ඇත්තේ මේ අවස්ථාවේ සියලු දෙනා පකිස්ථානය වෙනුවෙන් කළහැකි දෙය කල යුතු බවයි.

“ඇත්තටම මට මේ තරඟාවලියට සහභාගී වෙන්න අවස්තාව ලැබුන කියල දැනගත්තම ගොඩක් සතුටු හිතුනා.මේ ආරංචිය කිව්වම මුලින් පවුලේ අය නම් වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.මම එයාලට පැහැදිලි කරලා දුන්න පකිස්ථානය කියන්නේ අපේ සහෝදර රටක් මේ වෙලාවේ අපි ඔවුන්ට  උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕන කියල.”

96 ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය පිළිබඳවද බටහිර රටවල් සැක කල සිද්දීයෙදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වුයේද ඉන්දීය පකිස්ථාන සහෝදර ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.

එමෙන්ම 30 වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමට සිදුකල මානුෂීය මෙහෙයුමෙදීද ශ්‍රී ලංකාවට වඩාත්ම උදව් කල රටක් ලෙසට පකිස්ථානය හැදින්විය හැක.මේ සියලු කරුණු අනුව තිසරගේ ආකල්පය ඉතා වැදගත් වේ.

“මම ගොඩක් ආඩම්බර වෙනවා පකිස්ථානය අසීරුතාවයට පත්වුණ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ලැබුන එක ගැන.අනික ලංකාවෙන් මේ අවස්ථාව ලැබුනෙත් මට විතරයි.’

මෙම තරඟාවලිය යටතේ පැවැත්වෙන T20 තරඟ තුන ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී මෙම මස 12,13,15 දිනවල පැවැත්වීමට නියමිතය.

තරඟාවලියේ සියළු තොරතුරු දැනුවත් වීමට ඉහල ඇති like button 1click කර අප සමඟ එකතු වන්න.

තරඟාවලියට සහභාගී වන කණ්ඩායම්

Pakistan Squad:

 Sarfraz Ahmed, Fakhar Zaman, Ahmed Shehzad, Babar Azam, Shoaib Malik, Umar Amin, Imad Wasim, Shadab Khan, Mohammad Nawaz, Fahim Ashraf , Hasan Ali, Aamer Yamin, Mohammad Amir, Rumman Raees, Usman Khan, Sohail Khan

World XI Squad:

Faf du Plessis, Hashim Amla, George Bailey, Paul Collingwood, Ben Cutting, George Elliott, Tamim Iqbal, David Miller, Tim Paine, Thisara Perera, Darren Sammy, Samuel Badree, Morne Morkel, Imran Tahir