තරඟ පවා දීමේ චෝදනාවට එරෙහිව නීතිමය පියවර…..

0
174

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකුට එරෙහිව පසුගියදා එල්ල වූ තරඟ පාවා දීමේ චෝදනාව සම්බන්දයෙන් අදාළ චෝදනාව එල්ල වූ ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායක නීතිමය පියවර ගැනීමට සුදානම් යයි පසුගියදා ප්‍රකාශ කර තිබුන අතර,සචිත්‍රගේ අදාළ ප්‍රකාශය ඇතුලත් පුවත සහ තරඟ පාවා දීම සිදුකලා යයි චෝදනා එල්ල කල පුවත් දෙකම පහතින් දැක්වේ.

පසුගිය වසරේ පැවැත්වුණු ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රි ලංකා පිලේ සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බව කියන සිද්ධියක් මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ ක්‍රීඩකයන් තිදෙනා වන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා.

මෙහිදි සචිත්‍ර සේනානායක තරගාවලිය අවසානයේදී ජපාන සංචාරයක නිරත වුණු බවත් එහිදි තරග පවා දීමට සම්බන්ධ වූ ඒජන්තවරයා සචිත්‍රට ජපානයේදී මුදල් ලබා දුන් බවත් එම පුවතේ සඳහන් වනවා.

මෙම තරග පාවා දීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් හිරු ගොසිප් අප විමසීමක් කළා.

එහිදි ඔහු පැවසුවේ මෙවැන්නක්..‘‘මම අවුරුදු එකහමාරකින් ක්‍රිකට් ගැහුවෙ නෑ,. මම දන්නෙ නෑ මේ විදිහට චෝදනා කරන්නෙ කවුද කියලා. ඒ සියලුම චෝදනා බොරු. ඇත්ත කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් සාක්ෂි එක්ක ඔප්පු කරන්න. වචන වලින් කියන්න එපා. මට ආරාධනාවක් ලැබුණු නිසා මම ජපානයට ගියා.

ඒකට අවශ්‍ය ලියකියවිලි ඔක්කොම මං ගාව තියෙනවා. ඕන වෙලාවක ඒක ඔප්පු කරන්න පුළුවන්. පැත්තක ඉන්න මිනිස්සුන්ට කට කතා හදන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මේක කළේ කවුද කියලා හොයපු ගමන් ඒකට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙද්දිත් ඒක කළේ කවුද.. මොන හේතු පදනම් කරගෙනද ඒ චෝදනා කරන්නෙ කියලා කරුණු හොයනවා. ඒ වගේම ක්‍රිකට් බෝඩ් එකත් මම දැනුවත් කරනවා. මේක බොරු කියලා මම ඔප්පු කරනවා. “

……………………….gossip.hirufm.lk ඇසුරෙනි……….

තරඟ පාවා දීමට අදාලව පළවූ පුවත..

‌ඕස්ට්‍රේලීයා තරගාවලියේ තරග පවා දීමේ සුලමුල , ක්‍රීඩා ක්ෂේත්‍රය පමණක් දැන සිටි රසිකයන් නොදැන සිටි ද්‍රෝහී ක්‍රීඩකයන් තිදෙනා මෙන්න !

ඇන්ජලෝ මැතිවුස්ට එල්ලව තිබෙනා චෝදනාව සුලු පටු නොවේ.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් පමණක් දැන සිටි සත්‍යය දැන් රටම කතා කිරීමට ආරම්භ කර ඇත. ඒ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාධ්‍යයට පැමින යම් යම් කරුණු හෙළිකිරීමත් සමගයි.

අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍රයට Spot Fixing යනු අලුත් දෙයක් නොවේ. පිතිකරුවෙක් නම් Spot Fixing යනු තරගයේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීම , නිශ්චිත ලකුණු ගණනකදි දැවී යාම (පෙර කතා කර ගත් පරිදි ලකුණු 19කට දැවි යාම , එවිට එම පිතිකරුවා ලකුණු 19කට දැවි යනවා යැයි කෝටී ගණනකට ඔට්ටු දැමු බුකිකරුවන්ගේ ආදායම බිලියන ගණනකි, ඉන් කොටසක් ක්‍රීඩකයන්ටය) , වැනි දේය. පන්දු යවන්නෙක් නම් නිශ්චිත පන්දුවකදි වයිඩ් පන්දුවක් , නෝ බෝලයක් යැවීම වැනි දෙය. Spot Fixing යනු තරගය සෘජුව පරාජය කිරීම නොවුනත් එම නිසා තරග පරාජය වීම නිතැතින්ම සිදුවේ.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පිළිබදව ක්ෂේත්‍රය පමණක් දන්නා , රසිකයන් නොදන්නා තරග පාවා දීම සිදු වූයේ පසුගිය වසරේ සිදු වූ ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලියේදීය. එම තරගාවලියේදී ටෙස්ට් තරගාවලි‍ය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව එක්දින හා විස්සයි විස්ස තරගාවලියට ප්‍රවිශ්ඨ වන්නේ යහපත් මානසිකත්වයෙනි. කෙසේ වෙතත් කිසිවෙකු නොසිතු ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ පරාජයකි.

සිදු වූයේ කුමක්ද ?

ඕස්ට්‍රේලීයාව සමග සීමීත ඕවර තරගාවලීයේදී තරග පාවා දුන් ක්‍රීඩකයෙක් චරිත් සේනානායක ඉදිරියේ ඔප්පු විය.

එම ක්‍රිඩකයන් තිදෙනා නම් ආන්ජලෝ මැතිවුස් , කුසල් ජනිත් පෙරේරා හා සචිත්‍ර සේනානායකයි. මේ පාවා දී ඉපයූ මුදලින් ආන්ජලෝ මැතිවුස් කෝටී හැටකට බංගලාවක් මිළදී ගත්තේය. තරගාවලිය අවසානයේ සචිත්‍ර සේනානායක ජපානයට සංචාරය කළේය. සචිත්‍ර සේනානායකට තරග පවා දීමට සම්බන්ධ වූ ඒජන්තයා මුදල් ලබා දුන්නේ ජපානයෙනි. කුසල් ජනිත් පෙරේරා ද ඉපයූ මුදල කෝටී ගණනකි.(cricketlk.com)