ඩොනල්ඩ් එදා කියූ ලංකාවේ වරදට මෙන්න තවත් උදාහරණයක්…

0
403

චැම්පියන්ස් කුසලානයට යන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යැවීමේ පුහුණු කරුවෙක් විදියට ඇලන් ඩොනල්ඩ් සම්බන්ද කර ගත්ත වෙලාවේ ,ඩොනල්ඩ් ලංකාවේ වේග පන්දු යවන්නෝ එක්ක තිබුන පුහුණු සැසියෙන් පස්සේ කිව්වේ ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වල අඩුවක් නෑ ,විශිෂ්ට දක්ෂතා තියන ක්‍රීඩකයෝ හිටියත් ඒ වගේ ක්‍රීඩකයෝ හඳුනා ගන්න වැඩපිළිවලක් නෑ කියල.

ඩොනල්ඩ් කියල තිබුනේ අවුරුදු දහ අටේදී,දහ නවයේදී සුවිශේසී දක්ෂතා හඳුනාගෙන ඒ ක්‍රීඩකයෝ ජාතික මට්ටමට එනකම්ම රැක බලාගන්න එක ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමක් කියල.

ඒ විදියට සුවිශේෂී ක්‍රීඩකයෝ හඳුනාගන්න පුළුවන් හොඳ තැනක් තමයි දහ නවයෙන් පහල ලෝක කුසලානය කියන්නේ.ඒ තරඟාවලියේ හැකියාවල් පෙන්වන ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට ජාතික මට්ටමට ආවමත් හොඳ දක්ෂතා පෙන්වන බවට ඕන තරම් උදාහරණ වර්තමාන ක්‍රිකට් පිටියේ වුනත් අපිට පෙන්වන්න පුළුවන් .

ඇත්තටම 19 පහල ලෝක කුසලානයේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෝ ගැන ශ්‍රී ලංකා  ක්‍රිකට් බලධාරීන් හරි විදියට තමන්ගේ අවධානය යොමු කරනවද කියන එකට තවත් හොඳ උදාහරණයක් තමයි මේ.