ජීවිතයද,කලගුණ සැලකීමද,ලක්ෂ 154 ද?

0
164

පකිස්ථානයේ පැවැත්වෙන ලෝක කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තරඟාවලියට පෙර මාද්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තරඟාවලියට සහභාගී වීමේ තීරණය ගැනීමේදී ජීවිතයට යම් අනතුරක් සිදුවනු ඇතයි බියෙන් පවුලේ අය මෙම තරඟාවලියට සහභාගී වීමට විරුද්ද වූ අවස්ථාවේ ,තමන් ඔවුනට පකිස්ථානය ලංකාවට අතීතයේ කල උදව් සිහිපත්කරදී සංචාරය යාමට පවුලේ අයගේ කැමැත්ත ලබා ගත් බවයි.

කෙසේ නමුත් ඒ අවස්ථාවේ ඔහු මෙම තරඟාවලියට සහභාගී වීමෙන් ලැබෙන ප්‍රතිලාබ හෙළිකළේ නැති නමුත් මේ වනවිට ඔහුට ලැබෙන මුදල සම්බන්දයෙන්ද වාර්තා පලවී ඇත.මේ ඒ පිලිබඳවය,

පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 තරග තුනක් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙයි.

එම තරගාවලිය වෙනුවෙන් ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරග කරයි. තරගාවලිය වෙනුවෙන් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 -3.0 ක මුදලක් වෙන්කර ඇති අතර එහිදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100000 (රුපියල් ලක්ෂ 154) ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තිසර මේ තරඟාවලියට අකමැතිවූ විට පවුලේ අය සහ තිසර අවසානයේ තරඟාවලිය සඳහා සහභාගී වීමට තීරණය කල ඇත්තම හේතුව දන්නේ තිසර සහ පවුලේ අය පමණි.