“චන්දික සමුගැනීමට සියල්ල සුදානම්” බංගලාදේශ වෙබ් අඩවියක් වාර්ථා කරයි..

0
300

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් හරි හමන් පුහුණු කරුවකු සොයමින් සිටින මේ මොහොතේ බංගලාදේශ ප්‍රධාන පුහුණු කරු චන්දික හතුරුසිංහ තම තනතුර අතහැරීමට සුදානමින් සිටින බව බංගලාදේශයේ ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියක් වන bdcrictime.com පුවතක් පළකර ඇත.

ඔවුන් වාර්තා කරන අන්දමට චම්පක රාමනායක බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමත් සමඟම හතුරුසිංහගේ සමුගැනීම පිළිබඳව පුවතද වාර්තා වී ඇත.

“Hathurusingha got very close to resignation!

Champaka Ramanayake just came back to Bangladesh to set his future plans with this team. He came to Mirpur and like everyone he was also shocked to hear the news about the head coach, which is if he is going to stay or he is signing off?

The resignation of Chandika Hathurusingha spreaded all around the BCB office not just now but from a pretty long time. Champaka left the job with Sri Lanka cricket board a few days back and joined the HP team to train the future pace bowlers of Bangladesh.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2019 දක්වා බංගලාදේශය සමඟ ගිවිසුම්ගත වී ඇති හතුරුසිංහ, තමන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ නොකරනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ලබා ගන්නවාද බංගලාදේශයේම රැදී සිටිනවාද යන්න පිළිබඳව හතුරුසිංහ තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවට වාර්තා වන අතර හතුරුසිංහ රඳවා ගැනීමට බංගලාදේශය දැඩි උත්සාහයක් දරන බවද අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

බංගලාදේශය ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිගු ගමනකට අවශ්‍ය පදනම දමා දුන් චන්දික වැනි දුරදර්ශී පුහුණුකරුවකුගේ අවශ්‍යතා  ශ්‍රී ලංකා කණ්ඩායම අද වැටී සිටින තත්වයෙන් ගොඩ ගැනීමට තදින් දැනී තිබෙන අවස්ථාවක් ලෙස මේ අවස්ථාව පෙන්වා දිය හැක.

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න