කෝලිගෙයි අනුෂ්කාගෙයි ප්‍රේම කථාව පටන් ගත්තේ කොහොමද දන්නවද….

0
650

විරාත් කෝලි කියන්නේ ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන්ගේ වීරයෙක්.ඒ වගේම තමයි මේ කඩවසම් ධනවත් තරුණයට ලෝකය පුරාම ඉන්න තරුණියෝ ආදරය කලාට කෝලිගේ හිතාගත්ත තරුණියක් මේ වෙද්දීත් ඉන්නවා.

ඒ තරුණිය තමයි අනුෂ්කා ශර්මා. අනුෂ්කා ශර්මා කියන්නේ කෝලි නිසාම ජනප්‍රිය උන කෙනෙක් නම් නෙවෙයි.කෝලි හමුවෙද්දීත් අනුෂ්කා ජනප්‍රිය තරුවක් වෙලා ඉවරයි.

මේ දෙන්නගේ ප්‍රේම කතාවත් හරි අපුරු සිද්දියක්.

2013 අව්රුද්දෙ අන්තිමේ දකුණු අප්‍රිකාව එක්ක ඉන්දියාව ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වුනා.තරඟාවලිය ඉවර වෙලා ආපු ඉන්දීය කණ්ඩායමේ කවුරුත් හෝටලයකට  යන්න පිටත් වෙද්දී ,ව්රාත් කෝලි විතරක් මුම්බායි ගුවන් තොටුපලට වෙලා හිටිය එක පැපරාසීන්ට ලොකු ප්‍රශ්නයක් වුනේ ඒ වෙද්දීත් මැදියම් රැයත් පහුවෙලා තිබුන නිසා.

ටික වෙලාවක් යද්දී ගුවන් තොටුපලට ආපු මෝටර් රථයකින් බැහැපු රියදුරා කොලිගේ බඩු බාහිරාදිය පටවගන්නවා එක්කම එතනට ආපු තවත් මෝටර් රථයක් කෝලි ලඟට ඇවිත් නවත්වනවා එක්කම දොර ඇරුන රථයට නැගුන කෝලිත් අරගෙන රථ දෙකම පිටත් වෙලා ගියා.

මේ මෝටර් රථ පස්සේ ලුහුබැඳපු පැපරාසීන්ට දැනගන්න ලැබුන එදා කෝලි අරගෙන ගියේ අනුෂ්කා ශර්මාට අයිති ගෙදරකට කියල.පැපරාසීන් කෝලි එනකන් පැය ගණනක් බලාගෙන හිටියත් කොලිනම් උදේ වෙනකම් ආවේ නෑ.උදේ වෙනකම් විතරක් නෙවෙයි දවස් හතරක් යනකම් කෝලි ඒ ගෙදර අනුෂ්කා එක්ක හිටිය කියල තමයි ඒ නිවාසය තියන නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරියෝ කියල තියෙන්නේ.

පස්සේ විස්තර සොයද්දේ පැපරාසීන්ට හෙළි වෙලා තියෙන්නේ එදා අනුශ්කගේ ගෙදර අලුත් අවුරුද්ද සමරන සාදයකට සහභාගී වෙන්න තමයි කෝලි ගිහින් තියෙන්නේ

ඔය විදියට මාද්‍ය වේදීන් හොයාගත්ත තොරතුරු එක්ක අනුෂ්කගෙන් කෝලි  එක්ක තියන සම්බන්දෙ ගැන ඇහුවත් අනුෂ්ක කියල තියෙන්නේ එහෙම දෙයක් නෑ අපි හොඳ යාළුවො විතරයි කියල.

ඒ වෙද්දී අනුශ්කගේ නම බොලිවුඩ් නළුවෙක් වුන රන්වීර් සිං එක්කත් කියවුන නිසා මාද්‍ය වේදියෝ කෝලි අනුෂ්කා කතාව වැඩි දුරටත් සොයද්දී තමයි දැනගෙන තියෙන්නේ,අනුශ්කට කෝලි හදුන්වල දීල තියෙන්නේ රන්වීර් සිං ම තමයි කියල.

ප්‍රිය සම්භාෂණයකදී හමුවුන මේ තුන් දෙනා  ෂැම්පු වෙළඳ දැන්වීමකත් එකට රඟපාන්නේ මේ ඇයි හොඳයියෙන් කියල තමයි ඒ දවස් වල ආරංචි වුනේ.

කොහොම හරි අන්තිමට රන්වීර් හඳුන්වල දුන්න අනුෂ්කා තමන්ගේ කරගන්නත් කෝලි සමත් වුනා.දැන් ඉතින් දෙන්න එකටම තමයි කෝලි යන හැම තැනටම අනුෂ්කත් එක්ක එනවා.ලංකාවටත් ආවේ දෙන්නත් එක්කමයි.ලංකාවේදීත් අනුෂ්කා යාලුවන්ට හඳුන්වල දෙන වෙලාවටනම් කෝලි දෙපාරක් හිතනවා ඇති මොකද අනුශ්කගේ හැටි කෝලි දන්නවනේ හොඳට.

ක්‍රිකට් ලෝකයේ ගොසිප් බලන්න,අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.