කොදෙව් සිට එංගලන්තයට පැමිණි සංගාගෙන්,හතරේ 14 ක් සමඟ සුපිරි ඉනිමක්…

0
127

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර කැරිබියන් ප්‍රිමියර්ලීග තරඟාවලිය අවසන් වී මේ වන විට නැවත එංගලන්ත පළමුපෙළ තරඟාවලියට සහභාගී වී සිටින අතර ඔහුගේ යලි පැමිණීම සංකේතවත් කරමින් සුපිරි ඉනිමක් කරා යන සංගා ලකුණු 85 ක් ලබා නොදැවී පිටියේ රැදී සිටින්නේ හතරේ පහර 14 ක්ද තම ඉනිමට එකතුකර ගනිමිනි.

කිංස්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන තරඟයේ යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව ඉතා ප්‍රබල ආරම්භයක් පළමු දිනයේම ලබාගත් සංගා නියෝජනය කරන සරේ කණ්ඩායම පළමු දිනය නිමා වන විට ලකුණු 398/3 ලබා ගෙන සිටී,සංගක්කාර සමඟ නොදැවී පිටියේ සිටින අනෙක් පිතිකරුවා වන බෙන් ෆොක්ස් ලකුණු 64 ක් ලබා ගෙන සිටී.

සරේ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට සමත් වූ ආරම්භක පිතිකරු මාර්ක් ස්ටෝන්මන් හතරේ පහර විසි  දෙකක් සමඟ ලකුණු 132 ක් ලබා ගැනීම පළමු දිනයේ කැපී පෙනෙන සිද්ද්දිය විය.

තරඟයේ දෙවන දිනයේ සංගා තම ශතක ලබා ගැනීමට හැකියාවක් ලැබුන හොත් මෙම තරඟවාරයේ තවත් දිගු ඉනිමක් කරා ඔහු ලඟා වනු ඇත,