කොදෙව් අයර්ලන්ත තරඟය ශ්‍රී ලංකාවේ වාසියට අවසන් වේ…

0
159

ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීම  සඳහා ද්වන්ද සටනක නියලී සිටින කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් එක  තරඟයක් අද දිනයේ අයර්ලන්තයේදී වැස්සට සේදී ගිය අතර මෙම තරඟයේ ජය කොදෙව් කණ්ඩායමට ලබා ගැනීමට ලැබුනා නම් එංගලන්ත තරඟාවලියට ජයග්‍රාහී මානසිකත්වයෙන් පිවිසීමට කොදෙව්වන්ට හැකියාව තිබිණි.

එමෙන්ම කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට එය තවත් පීඩනයක් වන්නේ කොදෙව් ප්‍රසාද ලකුණු තතත්වය ඉහල යන බැවිනි.

තරඟයේ කාසිය වාසිය උරගා බැලීමට වත් අද දිනයේ අවස්ථාවක් නොලැබුන අතර මෙම තරඟ වාරයේ අයර්ලන්තය ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟින් සහභාගී වීමට සිටි අවසන් එක්දින තරඟය මෙලෙස වර්ෂාවට සේදී යාම අයර්ලන්ත ප්‍රේක්ෂකයන්ටද දැඩි පාඩුවකි.

ඔවුන් නැවත එක්දින තරඟයකට මුහුණ දීමට නියමිතව ඇත්තේ එළඹෙන නොවැම්බර් අවසානයේ ස්කොට්ලන්තය සමඟිනි.