ඊයේ පරාජය සමඟ ලෝකයේ දරුණුම පරාජය ලැබූ කණ්ඩායම බවට ලංකාව පත්වේ..

0
108

ලෝක වාර්තා පිහිටවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අරුමයක් නොවේ.ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරම් වාර්තා පිහිටවූ කණ්ඩායමක් හෝ ක්‍රීඩකයන් වෙනත් කණ්ඩායම් වල සිටිනවාදැයි සිතීමට තරම් අපි වාර්තා පිහිටවූ කාලයක් තිබිණි.

කණ්ඩායමක් ලැබූ වැඩිම එක්දින ලකුණු,වැඩිම ටෙස්ට් ලකුණු T20 ලකුණු ආදී සියල්ල ශ්‍රී ලංකාව සතු වූ කාලයක් එක්දින ,ටෙස්ට් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයන් වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයන් ක්‍රීඩා කල කණ්ඩායමක් අද පත්වී තිබෙන තැන ඉතා කනගාටු දායක වන්නේ අද වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතිවාදීන් ලෝක වාර්තා තබන ආකාරය දකින විටය.

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලියේ අවසානයේ පැවති T20 තරඟය පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය තුල පැවති ටෙස්ට් තරඟ 3ක් එක්දින තරඟ 5ක් ඇතුළුව පරාජය වූ තරඟ ප්‍රමාණය තරඟ 9කි.එය තරඟාවලියක කණ්ඩායමක් ලැබූ වැඩිම පරාජයන් ප්‍රමාණයේ ලෝක වාර්තාව සම කිරීමකි.

2009-10 තරඟ වාරයේ මේ ආකාරයේ තරඟ 9ක් පරාජයට පත්වීමට පකිස්ථාන කණ්ඩායමට සිදු වුනේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේය.

2.විරාත් කෝලි ඊයේ ලකුණු හඹා යාමේදී දියත් කල ඉනිමත් සමඟ ඔහු හඹා යාම් වලදී වැඩිම ලකුණු රැස් කල පිතිකරුවා බවට පත්වුණේ ලකුණු 1016 ලබාගනිමිනි.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ය.

3.විරාත් කෝලි ඉන්දියාව විසින් වැඩිම T20 ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්වුයේ සුරේෂ් රයිනා විසින් ලබා තිබුන 6872 වාර්තාව බිඳ හෙළමිනි.කෝලි මේ වනවිට T20 ලකුණු 6907 කට හිමිකම් කියයි.

4.කෝලි ඊයේ ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබාගත් 4 වන අර්ධ ශතකය වන අතර මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම T20 අර්ධ ශතක ලබාගෙන තිබුනේ සහිඩ් ඇෆ්රේදී වන අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ ශතක 3ක් රැස්කර ගෙන තිබුණි.

ක්‍රිකට් සිංහලෙන් බලන්න  අපගේ ෆේස්බුක් පිටුවට  like කිරීමට පුවතට ඉහලින් ඇති like button 1ක click කරන්න.