ඊයේ තරඟ තීරණයට ප්‍රබලව බලපෑ ආන්දෝලනාත්මක කාසියේ වාසියේ වරද කාගේද…

0
130

අවාසනාව සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ පහලම තැනකට වැටී තියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් අවාසනාවන්ත සිදුවීමක් ඊයේ සිදු වුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති එකම T20 තරඟයේ කාසියේ වාසිය උරගා බලන අවසතාවේදීය.

උපුල් තරංග කාසිය වාසිය උඩ දමද්දී ප්‍රතිවාදී නායකයා වූ විරාත් කෝලි  heads ඉල්ලු අතර කාසිය තරමක් ඈතට පෙරලී ගිය නිසා තරඟ තීරක ඇන්ඩ්රු ෆයිකොට් කාසිය දෙස බලා  tails ලෙස ප්‍රකාශ කරනවා සමඟම තරඟයේ එම අවස්ථාව ආවරණය කල විස්තර විචාරකයා ප්‍රකාශ කලේ කාසිය heads වැටුන බවක්ය.

මුල් වතාවේ එය ප්‍රකාශ කරනවා සමඟම තරඟ තීරකයා යම් නොසන්සුන් බවක් පෙන්වුවද මුරලි කාතික් විරාත් කෝලි කාසිය වාසිය දිනු නායකයා ලෙස නම් කර ඔහුගෙන් අදහස් විමසීමට කැඳවනවා සමඟම තරඟ තීරකයා වෙනසක් නොපෙන්වා පසකට වී සිටිනු දැකගත හැකි විය.

කාසියේ වාසිය උරගා බැලීමට පැමිණි නායකයන්ටද මෙම සිද්දියේ වරදක් සිදුවූ බව නොපෙනෙන්නට ඇත,ප්‍රශ්නය තරඟයේ තීරණයට ඍජුවම බලපෑ මේ වරදේ වගකීම බාරගන්නේ කවුරුන්ද යන්නය.

කාසිය එතරම් දුරකට පෙරලී ගියේ නැති නිසා තමන් කාසියේ වාසිය දිනුවාද පරාජය වුනාද කියා බැලීමට උපුල් තරංගටත් අවස්ථාවක් තිබිණි.අතීතයේ සිටි නායකයන් එලෙස ඉතා උනන්දුවෙන් කාසියේ වාසියේ වාසිය පිළිබඳව දැඩි අවධානයකින් සිටින ආකාරය අප දැක ඇත.

අනෙක් අතට තරඟ තීරකයා නායකයන් පවසන දෙය සහ විස්තර විචාරකයන් පවසන දෙය පිළිබඳව හොඳ අවධානයකින් සිටිමින් තරඟයේ යම් වැරදි දෙයක් සිදු වන්නේ නම් මැදිහත්වී නිවැරදි කල යුතුය.

විස්තර විචාරකයාට අවශ්‍ය පරිදි කාසියේ වාසිය තීරණය කරන්නේ නම් තරඟ තීරකයෙක් අවශ්‍ය නැත,ඉන්දියාවේ දක්ෂතාවය සම්බන්දයෙන් විවාදයක් නැති වුවද ක්‍රිකට් ලෝකයේ මුදලට සියල්ල යට කරගෙන සිටින ඉන්දියාව ඊයේ සිදුවූ සිද්දිය සිතාමතා කල සිදුවීමක් නොවීමටද ඉඩක් නැත.

සිද්දියට අදාළ වීඩියෝව පහතින්.