අප්පච්චි මළාම, අම්ම ළගට ගිය සොයිසා සහ ක්‍රිකට් ගහපු සචින්…

0
77

අප්පච්චි මළාම මොකද කරන්න ඕන කියලා කියපු අපේ දේශපාලකයෙක් පහුගිය කාලේ ඒ කතාව නිසාම ගොඩක් ජනප්‍රිය වුනානේ,මේ ඒ කතාව නෙවෙයි ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ අප්පච්චි මිය යන වෙලාවෙත් සචින් හිටියේ ක්‍රිකට් තරඟයක ඒ වගේම මළගම ඉවර වුන ගමන් සචින් ක්‍රිකට් ගහන්න ගියා,ඒ කතාවයි සචින්ගේ ජීවිතේ වැදගත් දේවල් ගැනයි තමයි මේ කතාව.

ලෝකයේ වැඩිම එක්දින සහ ටෙස්ට් ලකුණු ලාභියා වෙන සචින් ටෙන්ඩුල්කාර් ගැන බිලියන් ඩ්‍රීම්ස් කියල වාර්තාමය චිත්‍රපටයක් හදපු කතාව ඔබ දැනටමත් දන්නවා ඇතිනේ.ඒ චිත්‍රපටිය ගැනයි සචින්ගේ පුද්ගලික කරුණු ගැනයි කතා කරන්න ෆිල්ම් ෆෙයාර් සඟරාව සචින් සාකච්චාවකට සම්බන්ද කර ගත්ත,එතැනදී සචින්ගෙන් අහපු ප්‍රශ්න කීපයක් සහ ඒවාට සචින් උත්තර දීල තිබුනේ මෙහෙම.

ඔබේ ජීවිතය චිත්‍රපටයට නගන්න ආරාධනා ලැබුනම මොකද්ද හිතුනේ?

ආරාධනා කරන්න ගෙදරට ආවේ ,චිත්‍රපටයේ නිෂ්පාදක මහතා,ඇවිත් යෝජනාව දැම්මම මගේ උත්තරය උනේ,එක කරන්න බෑ ,මට රඟපාන්න බෑ මම ක්‍රීඩකයෙක් කියන එක,පස්සේ ලොකු කතාබහකින් පස්සේ මගේ ජීවිතේ නොකී කතාව ප්‍රේක්ෂකයන්ට කියමු කියල ඔහු මාව වැඩේට කැමති  කර ගත්ත.

මේ චිත්‍රපටය කරද්දී මොනවද මුහුණදීපු අභියෝග?

ලොකුම අභියෝගය තමයි රඟපාන එක,මම හිතන්නේ ක්‍රීඩකයෙක් වුන කෙනෙක් නළුවෙක් වෙන්නේ නෑ.එයා ක්‍රීඩකයෙක්ම තමයි.ඉතින් මම නළුවෙක් කරන්න මගේ අද්‍යක්ෂ තුමාට ප්‍රාතිහාරයක් කරන්න වුනා.

සචින්ගේ ජීවිතේ ගැන කියන මේ චිත්‍රපටයේ සචින් වඩාත්ම සතුටු වුන අවස්තාව විදියට කියන්නේ 2011 ලංකාව පරාද කරලා ලෝක කුසලානය දිනාගත්ත අවස්ථාව.

සචින්ගේ ක්‍රිකට් ජීවිතේ අමතක නොවෙන සිදුවීමක සිදුවෙන වසරක් තමයි 1999, ඒ අව්රුද්දෙ තමයි සචින්ගේ ජීවිතේ සෙවනැල්ලක් වුන තාත්ත මේ ලෝකය හැර යන්නේ.තාත්ත මිය යන මොහොතෙත් සචින් ක්‍රිකට් තරඟයකට සහභාගී වෙමින් තමයි ඉන්නේ.තාත්තගේ මළගම ඉවර වුන ගමන් සචින්ට තව තරඟයකට සහභාගී වෙන්න යන්න වෙනවා, ඒ ගැන සචින් කියන්නේ මෙහෙම කථාවක්,

ඒ ලෝක කුසලාන තරඟාවලියේ කෙන්යාවට එරෙහිව තිබුන තරඟයක්,ඊට පෙර සිම්බාබ්වේ එක්ක තරඟයේදී තමයි මට ඇමතුම ආවේ හදිසියේ තාත්ත අන්ත්‍රා වෙලා කියල.එසැනින්ම මට ගෙදර යන්න පුළුවන්කම ලැබුනා.ඊළඟට තිබුනේ කෙන්යාව එක්ක තරඟය සුපිරි අට වටයට යන්නනම් අපි ඒ තරඟය දිනන්නම ඕන වෙලා හිටියේ.

ඒ නිසා තාත්තගේ අවමංගල කටයුතු අවසන් කරපු දවසට පස්සේ දවසෙම මට ඉන්දියාව වෙනුවෙන් පිටියට එන්න වුනා.මම තරඟයේදී වෙන දේවල් ගැන හිතුවේ නෑ,මට පහර දෙන්න එන පන්දුව ගැන විතරයි හිතුවේ.මම විශ්වාස කළා මගේ තාත්ත උඩ ඉඳගෙන මගේ පිතිහරඹය බලාගෙන ඉන්නවා කියල.මගේ තාත්තට ඕන වුනේ මම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා බලන්න.කොහොම හරි මම  ඒ තරඟයේදී ලකුණු 140ක් ගත්ත,තරඟය දිනන්නත් අපිට පුළුවන් වුනා.

ඊළඟට සචින්ගෙන් අහල තිබුනේ ක්‍රිකට් වලින් මොනවද ජීවිතයට ගන්න පුළුවන් කියල.

එතැනදී සචින් කියල තිබුනේ ක්‍රිකට් වල වගේම ජීවිතයේත් ජයග්‍රහණ ලබාගන්න නම් ශක්තිමත්ව ඉන්න ඕන කියල.අනිත් එක තමයි අපි ලොකු හීන දකින්න ඕන.ඒ හීන හඹාගෙන ගියාම තමයි කවදාක හරි ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙන්නේ.

සචින්ගෙන් ඔබගේ ජීවිතයට සාරාංශයක් දෙන්න කිව්වොත් මොකද කියන්නේ ඇහුවම සචින් කියල තියෙන්නේ.

මගේ ජීවිතේ තිබුන පලවෙනි හීනය තමයි කොහොම හරි ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා කියන එක,ඊට පස්සේ තිබුනේ ඉන්දීය කණ්ඩායම එක්ක ලෝක කුසලානයක් දිනනවා කියන එක.මගේ පලවෙනි හීනය සැබෑ කරගෙන දෙවැනි හීනය සැබෑ කරගන්න මට අවුරුදු 22 ක් ඉවසන්න වුනා.

ඇත්තටම මගේ හැම හීනයකටම පනදුන්නේ මගේ රටේ මිනිස්සු,ඒ අය මට කොන්දේසි විරහිතව ආදරය කළා.

අන්තිමට සචින්ගෙන් අහල තිබුනේ,ඔබ දැන් ජාතියේ වීරයා වෙලා,ඔබේ වීරයා කවුද,

මම ක්‍රිකට් පිටියේ මේ ගමන ආවේ සුනිල් ගවස්කාර් සහ විවියන් රිචඩ්ස් දිහා බලාගෙන,ඒ අය තමයි ක්‍රිකට් ලෝකයේ වීරයෝ.මගේ පෞද්ගලික ජීවිතේ වීරයා තමයි තාත්තා.